ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද පැවති එහි විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර ඇතැයි වාර්තාවේ.

ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද සඳහන් වෙයි.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි. (සෘජු උපුටාගැනීම: දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version