සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.
එසේම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවත් එම මිල ඉහළ දැමීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක නව තොග මිල රුපියල් 210 ක් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතුව බවට සඳහන් වන්නේ තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීමයි.
