ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදි විවෘත කිරිමට තිබු අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය සඳහා රැගෙන විත් තිබූ ජල නල විශාල ප්‍රමාණයක් ඊයේ (19) හදිස්සියේ ගිනි ගැනිමකට ලක්ව ඇතයි වාර්තා වේ. කෝටිගනනක ජල නල මෙහි තිබූ බව ඉංජිනේරුවෝ පවසති.
මෙම ජල නල අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන අතර අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් සියලුම ජල නල මෙහි තිබු බවද ඉංජිනේරුවෝ පවසති. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරයි.
අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි. (ලංකාදීප)