ජපන් විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa මැයි 04 සහ 05 දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරය අතරතුරදී ඇය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම නිල සංචාරයට එක්වීමට නියමිතයි. (එසැණ)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.