ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව තෙල් පිරිපහදුවට අවශ්‍ය ආයෝජනය සොයාගැනීම, ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා කීය.
ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය සමාලෝචනය කර විවිධ කාර්යන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන කාලය සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තෙල් පිරිපහදුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. (ලංකාදීප)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.