උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, දහවල් 12.20 ට විවෘත කෙරුණි.

‘රාම් මන්දිර්’ බිම් මහල විවෘත කිරීම සිදුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් පැවැත් වූ ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨ’ පූජොත්සවය සමඟය. සමාරම්භක උත්සවය පැවැත්වූයේ විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යටතේය.

ඉන්දීය මධ්‍යම රජයේ විශේෂ ආරාධනාවකට අනුව, උත්සවයට රාජ්‍ය නායකයන්, නියෝජිතයන් ඇතුළු ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000 ක් සහභාගී වූහ. මහල් තුනකින් සමන්විත ‘රාම් මන්දිර්’ දේවස්ථානයේ ඉදිකිරීම් තවමත් කර නැති අතර, ඉදි කිරීම් අවසන් කර ඇත්තේ බිම් මහලේ පමණි.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version