09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා විසින් ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට කටයුතු කර තිබුණා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version