2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
2022 වසරේ මුල් මාස 6 තුළ එම දෙපාර්තමේන්තුව රැස්කර තිබූ බදු ආදායම රැස්කර තිබුණේ, රුපියල් මිලියන 361,832 ක් බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙම වසරේ මුල් මාස 6දී බදු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.