තණමල්විල ප්රදේශයේදී පාසල් සිසුන් 22 දෙනෙකු විසින් 16 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සිද්ධිය පොලිසියට නොදන්වා වසන්කිරීම හේතුවෙන් දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයකු සහ ගුරුවරියන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය මීට පෙර පාසල් සිසුන් 22 දෙනෙකුගෙන් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.