ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ, මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන්.

එම අවස්ථාවේ මගී දුම්රිය තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 1360කි.

අනතුරින් දුම්රිය මැදිරි 12ක් පීලී පැනීමට ලක්ව, මෝටර් රථයක් ද ගිනි ගෙන තිබේ.

ඒ හේතුවෙන් තමිල්නාඩුව හරහා ධාවනය වීමට නියමිත දුම්රිය 18 ක් අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Share.
Leave A Reply

Exit mobile version