2022 T20 ලෝක කුසලානයේ පළමු අදියර ආරම්භ කරමින් හෙට (15) ශ්රී ලංකා කණ්ඩායම සහ නැමිබියා කණ්ඩායම තරඟ බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
තරඟයට පෙර සුදානමක් ලෙස පැවැති පුහුණු සැසිය අවස්ථාවේ දී ශ්රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුසංඛ හට සුළු ආබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසා සිටියේ ඩිල්ෂාන් සුළු ආබාධයකට ලක්ව ඇති බවත්, ඔහුගේ ආබාධ තත්ත්වය පිළිබඳව තවමත් නිසි වාර්තාවක් ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් ප්රතිකාර ලබාගනිමින් සිටින බව නවාස් පවසා සිටියා.