සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස තරඟයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 228ක් රැස් කළා. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්ය කුමාර් යාදව් ලකුණු 112 ද, ශූබ්මාන් ගිල් ලකුණු 46 ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 02ක් ද, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත කඩුළු එක බැගින් ද බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 137 පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 23ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 23ක්ද රැස් කළා. පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුස්වේන්ද්‍ර චහල් සහ නායක හර්දික් පාන්ඩයා සහ උමරන් මලික් කඩුළු 02ක බැගින් බිඳ දැමූ අතර අර්ෂදීප් සිංග් කඩුළු 03ක් බිඳ දැම්මා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 91ක ජයක් ලැබුණු අතර ඔවුන් තරඟාවලිය 2-1ක් ලෙසද ජයග්‍රහණය කළා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version