Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
  • ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
  • සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්
  • හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු
  • ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
  • ඩොලරය අද 342 පනී
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 10
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සලේ තවදුරටත් රෝහලේ – කොටුවේ සත්‍යග්‍රහයට සලේගේ මවත් එක්වෙයි
News 2 Views

සලේ තවදුරටත් රෝහලේ – කොටුවේ සත්‍යග්‍රහයට සලේගේ මවත් එක්වෙයි

Buzzer EditorialBy Buzzer EditorialJune 8, 2026No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු , රැඳවුම් නියෝග මත CID භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවමත් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

ඔහුව රෝහල්ගත කෙරුණේ CID නිලධාරීන් තමන්ට අමානුෂික ලෙස වදහිංසා සිදුකරන බව පවසමින් උපවාසයක නිරතව සිටින අතරතුරය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින් ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු රැඳවුම් නියෝග මත සිටියේ CID භාරයේයි.

එහිදී සුරේෂ් සලේ මහතාට CID නිලධාරීන් අමානුෂික හා කෘෘර අයුරින් සලකා ඇති බවත්, ඒ අනුව ඔහු ආහාර හා ජලය ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් අරඹා ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉකුත් සෙනසුරාදා අනාවරණ කළේය.

අනතුරුව ඊයේ සලේ මහතාගේ සුවදුක් බැලීමට ගිය ඔහුගේ බිරිඳ , පුත්‍රයා හා සොයුරාද සලේ මහතා උපවාසයක නිරතව සිටින බව තහවුරු කළේය.

ඒ අනුව සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමට විරෝධය පළ කරමින් අද අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඊයේ පස්වරුවේ පැවසීය.

එවන් පසුබිමක ආහාර හා ජලය ප්‍රතික්ෂේප කරමින් සිටින සුරේෂ් සලේ මහතාව ඊයේ රාත්‍රි 8.30 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට CID නිලධාරීන් පියවර ගෙන තිබුණි.

ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත ඔහු මෙලෙස රෝහල්ගත කළ බවය.

සලේ මහතාගේ බිරිඳ ද එම අවස්ථාවේ ඔහුගේ සුවදුක් බැලීමට ජාතික රෝහල වෙත පැමිණ තිබුණි.

ඒ අතර සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන සිය සැමියා හමුවීමට ගියත් අවසර ලබාදුන්නේ දුර සිට බැලීමට පමණක් බැවින් සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබාදෙන ලෙස ඇය සිය ලිපිය මගින් ඉල්ලා තිබේ.

එමගින් සිය සැමියා මාරාන්තික උපවාසය අත්හැරීම සඳහා පෙළඹවීමට හැකි වනු ඇතැයිද ඇය සිය ලිපියෙන් දක්වා තිබුණි.

මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බව සලේ මහතාගේ බිරිඳ යොමු කළ ලිපියේ සඳහන්ය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට  මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.

ඒ , මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්ය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම
රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් අඛණ්ඩ සත්‍යග්‍රහය අද පෙරවරු 10 ට සංවිධාන කෙරු‍ණේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීය.

සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටී.

සත්‍යග්‍රහයේ නිරතවන්නන්ට අසුන්ගැනීම සඳහා එම ස්ථානයට ආසන කිහිපයක් රැගෙන ඒමට උත්සාහ දැරීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

රෝහල්ගතකළ සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විටත් ප්‍රතිකාර ලබයි.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරුපියල නැගිටියි
Next Article 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 37,000ක්
Buzzer Editorial

Related Posts

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 9, 20262 Views

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

By Buzzer EditorialJune 9, 202602 Views

ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි ‘එල්-නිනෝ’ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි…

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
  • ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
  • සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්
  • හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු
  • ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
  • ඩොලරය අද 342 පනී
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.