නේපාල දේශසීමාව ආසන්නයේ ටිබෙටයට අද බලපෑ රිච්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්චී වාර්නතා පවසයි.
භූමිකම්පාවේ කම්පනය බිහාර්, ඇසෑම් සහ බටහිර බෙංගාලය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට ද දැනී ඇතැයි එම වාර්තාවල දැක්වේ. භූමිකම්පාව හේතුවෙන් එහි දේපල හානි කිසිවක් වාර්තා වී නොමැත.
නේපාලයේ භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානයට (NCS) අනුව, මෙම භූමිකම්පාව උදෑසන 6:35 ට වාර්තා විය. පළමු භූමිකම්පාවෙන් ටික වේලාවකට පසු තවත් භූමිකම්පා දෙකක් කලාපයට බලපෑ බව NCS දත්ත හෙළි කරයි.
නේපාලය පිහිටා ඇත්තේ භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී කලාපයක ය.
එහිදී ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි ගැටී හිමාලය සාදමින් භූමිකම්පා නිතර සිදුවේ.
2015 දී නේපාලයේ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවක් ඇති වූ විට පුද්ගලයින් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර 22,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර නිවාස මිලියන භාගයකට වඩා විනාශ වී තිබුණි.