ජනලේඛන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජුනි මාසය සඳහා මෙරට ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පසුගිය මැයි මාසයේ දී 5.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 ජූනි මාසය සඳහා 6.5% ක් දක්වා වැඩි වී ඇත.

2026 මැයි මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ජූනි මාසයේ දී  3.3% ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, 2026 මැයි මාසයේ දී 8.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය  2026 ජූනි මාසයේ දී 9.3% ක් දක්වා වැඩි වී ඇත.

Share.
Leave A Reply

Exit mobile version