අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (08) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.22ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 341.04ක් වශයෙනි.

පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.27ක් සහ රුපියල් 342ක් වශයෙනි.

Share.
Leave A Reply

Exit mobile version