රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන කුළී රැකියාවල නිරත වන පුද්ගලයෙකි.

මොහු අද (06) උදෑසන 06.50ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහුගේ ගමන් මල්ල තුළ තිබූ චොක්ලට් ඇසුරුම් තුළ සඟවා ගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 340ක ප්‍රමාණයක් අදාළ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Share.
Leave A Reply

Exit mobile version