2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය කඩුලු 2 කින් ජය ගැනීමත් සමඟින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 42 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 252 ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අබ්දුල්ලා ශාෆික් (Abdullah Shafique) ලකුණු 52 ක්, ඉෆ්තිකාර් අහ්මඩ් (Iftikhar Ahmed) ලකුණු 47 ක් හා මොහොමඩ් රිස්වාන් (Mohammad Rizwan) නොදැවී ලකුණු 86 ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 3 ක්, ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක්, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 48 ක්,කුසල් මෙන්ඩිස් ලකුණු 91 ක් හා චරිත් අසලංක නොදැවී ලකුණු 49 ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව ලබන 17 වනදා 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version