2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත් වුණා. ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ 9 වැනි රට ලෙසයි ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ.

ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගැනීමත් සමඟ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 33.1කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 169ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. පැතුම් නිස්සංක නොදැවී 101, දිමුත් කරුණාරත්න 30, කුසල් මෙන්ඩිස් නොදැවී 25යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 09 ක් ජයක් හිමි විය.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version