මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය.

මිය යනවිට 78 හැවිරිදි වියේ පසු ඉල්ලියාස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.

ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

හදිසියේ අසනීපවීමෙන් මොහොමඩ් ඉල්ලියාස් මහතා මීට දින දෙකකට පෙර රෝහල් ගත කර සිටියේය.

ඉල්ලියාස් මහතා හදිසියේ මිය යෑමෙන් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව තිස් අටක් දක්වා පහළ යන්නේය.

Share.
Leave A Reply

Exit mobile version