සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

අදියර දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර  ලබන 9වනදා සිට 13 වෙනිදා ක්‍රියාත්මක කෙරේ.

අවුරුදු අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිමට අප්‍රේල් මස 16 වනදින සිටි 20 වන දින දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version