චීන විද්‍යාඥයන්, ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, සඳේ අඳුරු කලාපයට යවා ගෙන්වා ගත් පස් සාම්පල මේ වනවිට වැඩි දුර පර්යේෂණ සඳහා පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානයේ කැප්සියුලය, පස් සාම්පල රැගෙන පෘථිවියට පැමිණියේ ඊයේ (25) ය. කැප්සියුලය පැරෂූට් ආධාරයෙන් පතිත කෙරුණේ මොංගෝලියාවේ චීනයට අයත් ප්‍රදේශයකටය.

චීනය මීට පෙර ද රොබෝ යානයක් සඳේ අඳුරු කලාපයට යවා ඇත. එසේ වුවත්, සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යවා අඳුරු කලාපයේ පස් ගෙන්වා ගත් පළමු අවස්ථාව මෙයයි. ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය ගෙනා පස් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකකි. (AFP)

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version