රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙන්ම කඳුකර ප්‍රදේශවල සිට ද මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වේ.
ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ නිල වෙව් අඩවිය වෙත පිවිසීමෙන් මේ සඳහා ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතියි.
එමෙන්ම මගීන්ගේ පහසුව වෙනුවෙන් කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ කවුළු දෙකක් ද මේ වන විට ස්ථාපිත කර ඇති බව සඳහන්.
නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවේ කතරගමට පැමිණෙ බැතිමතුන් මෙන්ම කොළඹ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිට සාමාන්‍ය ලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ බස් සේවාව ක්‍රියාත්මකය.
ඒ අනුව කතරගම සිට මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ, කල්මුණ දක්වා විශේෂ බස් සේවාවක් මෙන්ම කතරගම සිට කොලඹ, මහනුවර, හැටන්, බදුල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ සඳහා ද මෙලෙස විශේෂ බස් සේවාව ක්‍රියාත්මක කර ඇත.
