ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4,345.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 සමඟ සංසන්දනය කිරීමේදී සියයට 68.8 වර්ධනයක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version