‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version