ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව, මහ බැංකුව විසින් අද (09) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.08ක් ලෙස සටහන් වී ඇත.
පසුගිය (03) බදාදා දිනෙන් පසු සතියක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල වැඩිම අගයකට ගොස් තිබුණේ අද දිනයේය.
