වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවයි.

ඒ අනුව මෙලෙස ඉවත් කළ සෙසු පිරිස වන්නේ වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අමිත් තේනුක විදානගමගේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version