2023 ආසියානු බාලක හා බාලිකා 12 න් පහළ ටෙනිස් තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය පෙරේදා නිමාවට පත්විය. එහිදී නේපාලය සහ භූතානයට එරෙහිව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජයග්‍රහණය කළ අතර බංග්ලාදේශය සහ ඉන්දියාව හමුවේ පරාජය විය. බාලිකා කණ්ඩායම භූතානය, නේපාලය, බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ අතර ඉන්දියාව හමුවේ පරාජය විය.

ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් පහත දැක්වේ.

පිරිමි කණ්ඩායම.

තේවනේසන් සුබ්‍රමනියම් (පුහුණුකරු – බාලක කණ්ඩායම)

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ යුධීර්ය අතපත්තු, මීගමුව ශාන්ත ජෝශප් විදයාලයේ නෙතුෂාන් පුළුනාත්, කොළඹ 10 ආනන්ද විද්‍යාලයේ දම්සත් පීරිස්

බාලිකා කණ්ඩායම.

අබරජිතන් කජෙන්තරන් (පුහුණුකරු – බාලිකා කණ්ඩායම)

බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඇනායා නොර්බට්, ආවේ මාරියා කන්‍යාරාමයේ හෙසන්ඩි මලියාවා, ආවේ මාරියා කන්‍යාරාමයේ ජියානා පෙරේරා

(දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version