උස්සන්ගොඩ වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

ඊයේ (28) සවස් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයින් දෙදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් දීමෙන් පසු භාරකරුවන් වෙත භාරදී ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හුංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 හා 34 වයස්වල පසු වන දෙදෙනෙකි.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 55986 අනුර, පොලිස් කොස්තාපල් 99168 දුලාජ් හා පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර යන නිලධාරින් විසින් එම පුද්ගලයින් දෙදෙනා බේරාගැනීම සිදුකර ඇත.

Share.
Leave A Reply

Exit mobile version