2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් හරහා සමස්තයක් ලෙස ගිනිඅවි 2,341ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ඒ අතර ටී56 ගිනිඅවි 73ක්, රිවෝල්වර 59ක්, පිස්තෝල අවි 83ක්, වෙනත් ගිනිඅවි 2,126 ඇතුළත් බව පොලීසිය පැවසීය.

වසරේ මේ දක්වා සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝ 1,793ක් ග්‍රෑම් 139ක්, අයිස් කිලෝ 3,683ක් ග්‍රෑම් 163ක්, ගංජා කිලෝ 16,686ක් ග්‍රෑම් 62ක ප්‍රමාණයක් පොලීසිය සොයා ගෙන ඇත.

එමෙන්ම කොකේන් කිලෝ 37ක් ග්‍රෑම් 899ක්, හෂීස් කිලෝ 746ක් ග්‍රෑම් 673ක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

මේ අතර ජනවාරි 01වනදා සිට මේ දක්වා පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 7,900,461  පරීක්ෂාවට ලක් කර ඇති බව ද පොලීසිය පැවසීය.

එහිදී විවිධ අපරාධ සම්බන්ධ පුද්ගලයින් 6,641ක්, අධිකරණ නියෝග හරහා වරෙන්තු නියෝග කළ පුද්ගලයින් 73,634ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 48,345ක් සඳහා විවෘත වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකි වූ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version