ලෝක උරුම සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කළේය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මේ වන විට සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් නැතිවුවත් ඉදිරියේදී මෙම අනවසර ඉදිකිරීම් සීගිරියට යම් තර්ජනයක් එල්ලකරනු ඇති බවය.
මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් සීගිරිය අතීතයේ සිට වර්තමානය දක්වාම ලංකාද්වීපයේ අසිරිය ලෝකයට කියාපාන දැවැන්ත සංකේතයකි.
ක්‍රි.ව. 05 වන ශතවර්ෂයේදී කාශ්‍යප රජු විසින් රාජධානියක් සහ සැලසුම් සහගත නගරයක් බවට පත්කළ සීගිරි පර්වතයේ වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පීය සැකසුම් සහ බිතුසිතුවම් ලෝකයේම අවධානය දිනාගත්තේය.
ඒ අනුව 1982 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට සීගිරිය ප්‍රකාශ කරන ලද්දේ අතිවිශාල දෙස් විදෙස් ආකර්ශනයක් හිමිකර දෙමිනි.
කෙසේ වෙතත් වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇති බවට ජාතික පුවත්පත් කිහිපයක් අද වාර්තා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද අදහස් පළ කළේය.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි,
“මෙම අනවසර ඉදිකිරීම් මෙවැනි සංවේදී තැන්වල සිදුවෙලා තියෙන්නේ පසුගිය රජයන් මේ වෙනුවෙන් කටයුතු කළ විදිහ සහ අවසරදීමේ පිළිවෙලක් නැති නිසා. සීගිරියේ පර්වතයේ ඉඳලා 200 සීමාව සහ යාර 400 සීමාව කියන කොටස ඇතුළේ අනවසර ඉදිකිරීම් 124ක් තියෙනවා. ඒවා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු අපි දැන් දියත් කරලා තියෙනවා. ආයතන 15 එකතු කරලා අන්තර් ආයතනික කමිටුවක් හදලා තියෙනවා. රජය මේ අයව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාමාණික වැඩපිළිවෙලක් හදලා.”
කෙසේ වෙතත් අද පෙරවරුවේ පැවති අද දෙරණ Mornings වැඩසටහනට එක්වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කළේ, සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවතට විසිවී යාමේ තර්ජනයක් නැතත්, සීගිරිය අවට භූ දර්ශනය රැකගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවය.
මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා,
“සීගිරිය කියන්නේ ගල විතරක්ම නෙමේ. මේක වටා ලෙන් පද්ධතියක් තියෙනවා, සුසාන තියෙනවා. මෙන්න මේ භූ දර්ශනයට තමා යුනෙස්කෝවෙන් ආරක්ෂා කරන්න කියලා කියන්නේ. යුනෙස්කෝවෙන් එහෙම තර්ජනයක් තවම ඉදිරිපත් වෙලා නෑ. නමුත් අනවසර ඉදිකිරීම් වේගයෙන් වැඩි වුණොත් ඉදිරියේදී තරජනයක් වෙන්න පුළුවන් කියන තත්ත්වයක අපි ඉන්නවා.”