අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මැලේසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 26ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සැකකරු රැගෙන යාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පුද්ගලයෙකු සහ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය බාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version