දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීමක් වෙනුවෙන් අද (03) පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවිය.

ඒ, පසුගිය දිනවල ඇති වූ නායයෑම්, ගංවතුර සහ තද සුළං හේතුවෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම පරිදි ය.

ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස විනාඩියක නිශ්ශබ්දතාවයක නිරත විය.

Share.
Leave A Reply

Exit mobile version