රුපියල් මිලියන 202කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී මෙම කේරළ ගංජා කිලෝ 900 අධික ප්‍රමාණයක් හමුවී ඇත.
ඒ සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක්, මැගසින් හතරක්, ජීවි උණ්ඩ 40ක්, ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ එම ජාවාරමට සම්බන්ධ මෝටර් රථයක් සමඟ මෙම සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකටයුතු කැබ් රථයක් පරීක්ෂාවට ලක්කර අදාළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර, සැකකරුවන්ගෙන් අනාවරණයවූ තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෝටර් රථයක් සමඟ තවත් සැකකරුවෙක් පසුව අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 44ත් 51ත් අතර වයසේ පසුවන අනුරාධපුර උලුක්කුලම, පොතානේගම සහ නොච්චියාගම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.