විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර දී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බලපත්‍ර අහෝසි කිරීමට සහ ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකළ නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙස විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිමකරන සැලසුම, නව විදුලිය මිලදී ගැනීමේ මිල සුත්‍රය, ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබා දී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව අවධානය යෙමු කළ බව ද අමාත්‍යවරයා කීය.
2023-2026 සහ 2026-2030 වර්ෂ සදහා වන පුනර්ජනනීය බලශක්තිව්යපෘති ක්‍රියාත්මක කිරීමේ සැළසුම පිළිබඳ සමාලෝචන රැස්වීම අතරතුර අමාත්‍යවරයා එසේ පැවසීය. (ලංකාදීප)