දිට්වා සුළි කුණාටුවට මුහුණදීමට පූර්ව සූදානමක් නොමැතිකම සම්බන්ධව අධ්‍යයන කර වාර්තාවක් සකස් කිරීම සඳහා විපක්ෂය යෝජනා කළ විශේෂ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අද(06) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

එමෙන්ම විශේෂ කාරක සභාවේ සංයුතිය වෙනස් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ කාරක සභාව පත්කරන ලෙස ලිඛිත ඉල්ලීමක් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව පසුගිය දෙසැම්බර් 18 වෙනිදා කථානායකවරයාට භාරදුන් බවය.

කෙසේවෙතත් කථානායකවරයා සඳහන් කළේ ඒ සම්බන්ධ ක්‍රියාවලියක් මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවය.

Share.
Leave A Reply

Exit mobile version