මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙම මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාවද මෙම මස 18 වනදා සිට ලබාදෙන බවයි සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන (www.doenets.lk) වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version