ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් දින ගණනක් රෝහල්ගතව සිටි නමුත්, ඇමෙරිකන් ජනාධිපති හෝ රජයේ වෙන කිසිවකු ඒ පිළිබඳ දැන නොසිටි බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

70 හැවිරිදි ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගත කෙරුණේ සැත්කමකින් පසු හටගත් ගැටලු තත්ත්වයක් හේතුවෙන් යැයි ද පැවැසෙයි. ධවල මන්දිරය ඒ පිළිබඳ දැනගෙන ඇත්තේ ලොයිඩ් ඔස්ටින් රෝහලෙන් පිටවීමට සූදානම් වෙද්දීය.

තමන් රෝහල්ගතව සිටින බව දැනුම් නොදීම සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගෙන් කරුණු විමසා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. (BBC)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version