නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් ලකුණු 32 ක  ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ, මෙවර කාන්තා විස්සයි-20 ලෝකු කුසලාන  තමන් සතුකර ගත්හ.

මින් පෙර 2009 සහ 2010 වසරවලදී විස්සයි-20 අනු ශූරියන් බවට පත්වූ නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි-20 ලෝක ශූරියන් බවට පත්වූ පළමු අවස්ථාව මෙය විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග පිට පිටම දෙවැනි වරටත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට අනු ශුරතාවෙන් සැහීමකට පත්වීමට සිදුවූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කාත්නා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ඇමීලියා කේර් සහ රොස්මේරි මේර් කඩුලු 3 බැගින් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

දකුණු අප්‍රිකානු කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා ලෝරා වුල්වාඩ්ට් පන්දු 27 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක් රැස්කළ නමුත් සෙසු පිතිකාරිණීයන්ගේ සහාය නොලැබීම හේතුවෙන් ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තේය. නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන් සුසී බෙට්ස් පන්දු 31 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද, ඇමීලියා කේර් පන්දු 38 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක්ද රැස්කළහ.

පන්දු 28 කට මුහුණ දෙමින්  හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් රැස්කළ බෘක් හැලිඩේ, ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගෙන යමින් නවසීලන්ත  කාන්තා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු මට්ටමක් කරා ගෙන ගියාය.


නවසීලන්ත කාන්තා පිල – ඕවර 20 කදී කඩුලු 9 කට 158
(සුසී බේට්ස් 32, ඇමීලියා කේර් 43, බෲක් හැලිඩේ 38, නන්කුලුලෙකෝ ම්ලාබා 31/2)

දකුණු අප්‍රිකානු කාන්තා පිල – ඕවර 20 කදී කඩුලු 9 කට 129
(ලෝරා වුල්වාඩ්ට් 33, ටස්මින් බි්‍රට්ස් 17, චෝල් ට්‍රයන් 14, ඇමීලියා කේර් 24/3, රෝස්මේරි මේර් 25/3)

Share.
Leave A Reply

Exit mobile version