ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ කච්චතිව් මුහුදේදී අද අලුයම සිදු වූ මෙම අනතුරෙන් අනතුරටපත් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ ඒ අනුව යාත්‍රාව පෙරළීමෙන් අනතුරට ලක්ව සිටි තවත් ධීවරයන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය බවය.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 14 ක් පමණ) දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේදී මෙම අනතුර සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමද සිදුකෙරිණි.

Share.
Leave A Reply

Exit mobile version