සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ ඉරිදා සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ දිවි ගලවා ගත් සැකකරු වන නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් චෝදනා 15ක් සඳහා චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම ඔහුට ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීම ඇතුළු අපරාධ 59ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ද එරට පොලීසිය පවසයි.

හනුක්කාහි පළමු රාත්‍රිය සැමරීමේ උත්සවයකදී ඔස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පුද්ගලයින් 15ක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.

1996න් පසු එරට සිදු වූ මාරාන්තිකම වෙඩි තැබීම මෙය බව රජය සඳහන් කරයි.

Share.
Leave A Reply

Exit mobile version