පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

ඒ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම අධිකාරිය දැනුම් දෙයි.

එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වේ.

එසේම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version