අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. 

එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබේ.

පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බව එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසා ඇත. 

මෙම භූ කම්පනයක් සමඟ ඒ අවට විශාල ශබ්දයක් ඇසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් X පණිවුඩයන් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටය.

Share.
Leave A Reply

Exit mobile version