බ්‍රිතාන්‍යයේ කීර්තිමත් සැන්ඩ්හර්ස්ට් හමුදා ඇකඩමියෙන් පසුගිය සතියේ අධිකාරිය ලත් ශ්‍රී ලාංකික කැඩෙට් නිලධාරියා අතුරුදන්ව ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සති 44ක දැඩි පුහුණුවකින් පසු විසිර ගිය නිලධාරීන් 209 දෙනා අතර ශ්‍රී ලාංකික මොහොමඩ් අනීක් ද විය.

විසිර යාමේ පෙළපාළියෙන් පසු ඔහුට මේ සතියේ ආපසු නිවසට පැමිණීමට නියමිතව තිබූ නමුත් නියමිත ගුවන් ගමන මඟහැර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පසුගිය සෙනසුරාදා ඔහුගේ නියමිත ගුවන් ගමන සඳහා ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය සංවිධානය කිරීමට ඉදිරිපත් වූ විට ඔහු තමා විසින්ම එය සපයා ගන්නා බව පවසමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු සිකුරාදා ඇකඩමියෙන් ඉවත් වී තිබිණි.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ශිෂ්‍යභට නිලධාරි අනීක් විසිර යෑමේ පෙළපාළියට සහභාගී වී ඔහුට සුබ පැතීමට ද එක්ව තිබිණි.

අධිකාරිය ලත් නිලධාරියකු ලෙස ඔහු දැන් දෙවැනි ලුතිනන් නිලය දරයි.

කොළඹආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ නියමිත පරිදි එම නිලධාරියා ශ්‍රී ලංකාවට නොපැමිණි බව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැන සිටියද ඔහු සිටින ස්ථානය තවමත් නොදන්නා බවයි.

විසිර යෑමේ පෙළපාලියෙන් පසු නියමිත පරිදි එම නිලධාරියා ශ්‍රී ලංකාවට නොපැමිණි බවට බ්‍රිතාන්‍ය බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ.ඒ.එන්. රසික කුමාර කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

අදාළ නිලධාරියා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Share.
Leave A Reply

Exit mobile version