එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ගැන සඳහන් කරමින් ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන ඉයන් බිෂොප් X පණිවුඩයක් නිකුත්කර තිබේ.
27 හැවිරිදි වියේ පසුවන ළහිරු කුමාර මේ දක්වා ටෙස්ට් තරග 30කට ක්‍රීඩාකර කඩුලු 96ක් දවාගෙන තිබේ. ඔහු පසුගිය එංගලන්ත සංචාරයේදී දෙවැනි සහ තුන්වැනි ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කර කඩුලු 11ක් දවා ගත්තේය.
මේ අතර 27 හැවිරිදි වියේ පසුවන අසිත ප්‍රනාන්දු එංගලන්තය සමග පැවති ටෙස්ට් තරග තුනේදී කඩුලු 17ක් දවා ගත්තේය.
ඔහු මේ දක්වා ටෙස්ට් තරග 17කදී කඩුලු 62ක් දවාගෙන තිබේ.