දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩු විභාගය අද (15) පැවැත්වූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.
2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේදී එම සමාගමට වාසිදායක ආකාරයකට ක්‍රියා කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
