මධ්‍යම කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවත් 13 දෙනෙක් බරපතළ පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව කෙන්යානු බලධාරීන් සඳහන් කරති. ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර, ජනාධිපති විලියම් රූටෝ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබේ.
පුද්ගලික ප්‍රාථමික පාසලක නේවාසිකාගාරයක මෙම ගින්න සිදුව ඇති අතර, මිය ගිය සිසුන්ගේ වයස් තවමන් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙන්යාවේ මධ්‍යම කඳුකරයේ, නයිරෝබි නගරයට උතුරින් කිලෝමීටර් 150ක් පමණ දුරකින් පිහිටි මෙම පාසලේ ළමුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන බවයි වාර්තා වේ