ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්, ළැව් ගිනිවලින් හානි සිදුවුණු හවායි දූපත්වල සංචාරය කරමින්, විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා බැලුවේය.

හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. බයිඩන් හවායි දූපත් බලා ගියේ ළැව් ගිනිවලින් හානි සිදුවී දින 13 ක් ගත වෙද්දීය. ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන 114 කි.

ඇමෙරිකාවේ සිදුවුණු දරුණුතම ළැව් ගිනි අනතුරු ලෙස සැලකෙන්නේ හවායි දූපත්වල පැතිරුණු මෙම ළැව් ගිනි යැයි පැවැසෙයි.

ළැව් ගිනිවලින් විපතට පත්වුණු වැසියන් සනසවමින් ජනාධිපති බයිඩන් පැවැසුවේ, අවශ්‍ය තරම් කාලයක් ෆෙඩරල් රජය, විපතට පත්වූවන්ට අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගන්නා බවය. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version