රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව 2025 පෙබරවාරි මස 20 වන දින සිට දිවයින පුරා පිහිටි පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදාවේ දායකත්වය ඇතිව ආරම්භ කරන ලදී.

ඒ අනුව මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ භට පිරිස් 9000ක පමණ ශ්‍රමදායකත්වය මෙන්ම තාක්‍ෂණික සහය ලබාදුන් අතර, 2025 මාර්තු 02 දින වන විට දිවයින පුරා පිහිටි පාසල් 185ක පිරිසිදු කිරිමේ හා අලුත් වැඩියා කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී.

මෙම වැඩසටහන මගින් පාසල් වල විනාශවී තිබු මායිම් වැටවල් අලුත්වැඩියා කිරීම, ගොඩනැගිලි වල වහල පිලිසකර කිරීම, ඩෙස් පුටු අලුත්වැඩියා කිරීම, හා අනෙකුත් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලද අතර ඒ සඳහා පාසල් ගුරුවරුන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන්ගේ සහායද යුද්ධ හමුදාව වෙත ලබා දෙන ලදී.

සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාවේ සහායෙන් මෙම ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.

https://sinhala.buzzer.lk/wp-content/uploads/2025/03/WhatsApp-Video-2025-03-02-at-20.47.24.mp4
Share.
Leave A Reply

Exit mobile version