හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සිය සුබපැතුම් පිරිනමා තිබේ.

අද (18) දින පෙරවරුවේ තංගල්ල, කාල්ටන් නිවසට පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් මහතා විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සුබ පැතුම මෙලෙස පිරිනමා තිබුණි.

මේ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ, 
“රාජ්‍යතාන්ත්‍රිකව ද පෞදගලිකව ද අප අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි” යනුවෙනි.
 

Share.
Leave A Reply

Exit mobile version